Pages

mouse

Blogger Tricks

Tuesday, November 27, 2012

LCD සහ LED Monitor අතර වෙනස.






පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය 

වූයේ CRT [ Cathode Ray Tube ] මොනිටරයන්ය.නමුත් 

පසුකාලීනව LCD [ Liquid Crystal Display ] මොනිටර පැමිණීමත් 

සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED [ Light 

Emitting Diode ] මොනිටර පැමිණ ඇත.

      මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස 

මෙම ලිපිය තුලින් දැනගන්න පුළුවන්.

LCD සහ LED මොනිටර් දෙකෙහිම තාක්ෂණයන් එකම වන නමුත් 

LCD

සහ LED තිර ආලෝකමත් කිරීමට යොදාගන්නා තාක්ෂණයන් අනුව 

LCD සහ LED මොනිටරයන් වෙනස් වේ.

LCD සහ LED මොනිටර් අතර ප්‍රධානම වෙනස වන්නේ Backlight [ 

පසු ආලෝකන ] තාක්ෂණයන් වල වෙනස්කමයි.LCD මොනිටරයන් 

වල පසු ආලෝකනය සදහා භාවිතා වන්නේ Cold Cathode 

Fluorescent Lamp [ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් ] ය.LED 

මොනිටරයන් වල මේ සදහා භාවිතා වන්නේ Light Emitting Diode

ආලෝකය විහිදුවන ඩයෝඩ ] යි.

LCD මොනිටර වලදී තිරය ආලෝකමත් කරනුයේ ප්‍රතිදීප්ත පහන් පහන්

 වලින් නිකුත් වන කැතෝඩ කිරණ මගින් නිර්මාණය කරන වර්ණ 

Polarized Liquid Crystals [ ධ්‍රැවිත ද්‍රව ස්ඵටික ] තුලින් යැවීම 

මගිනි.

LED මොනිටර වලදී සිදුවන්නේ LED භාවිතයෙන් පසු ආලෝකනය 

කිරීමයි.මෙසේ සිදුවන අලෝකකරණයේ ආලෝකයේ Dynamic 

Contrast Ratio [ ගතීක වෙනසේ අනුපාතය ] අගය වැඩිවීමත් LED 

භාවිතයේදී ශ්‍රේණිගත තීවතාව වැඩි නිසා තියුනුව නිවැරදිම වර්ණයන් 

දර්ශණය කලහැකිය.

LED මොනිටර් වලදී භාවිතා වන පසු ආලෝකන වර්ග දෙකක් 

ඇත.RGB Dynamic LED සහ Edge LED එම දෙවර්ගයයි.


RGB Dynamic LED වර්ගයේදී තිරය පිටුපසින් LED යොදා ඇත.

Edge LED වර්ගයේදී LED තිරය වටා සවිකර ඇත.මේ හේතුවෙන්ම 

LED තිරයන් LCD තිරයන්ට වඩා බෙහෙවින් සිහින්ව නිපදවිය හැකිය.

එමෙන්ම LED මොනිටරයන් වල තවත් එක් වාසියක් වන්නේ LED 

මොනිටර්වලට LCD මොනිටරයන්ටත් වඩා 40% ක් අඩු විදුලියක් වැය 

වීමයි.

LED මොනිටරයන් වල ඇති තවත් එක් වාසියක් වන්නේ බොහෝ 

වේලාවක් පරිගණකය භවිතා කරන්නන්ගේ ඇස් වල ඇතිවන 

අපහසුතාවන් LED මොනිටර් වලදී ඇති නොවීමයි.

කෙසේ නමුත් LED වල ඇති එක් අඩුපාඩුවක් වන්නේ LED මොනිටර් 

නිශ්පාදනයට අධික මිළක් වැයවීමයි.මේ හේතුවෙන් වෙළදපලේ LED 

මොනිටරයක් අධික මිලක් වේ.නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස් 

වනු ඇත.  


 උපුටා ගන්නා ලද්දකි.

0 comments:

Post a Comment